නිර්මාල් සහෘදයට ඩෙංගු හැදුනම තමයි තේරුනේ ත්‍රස්තවාදියා සරසවි භූමිය අසල බිම්කඩ වල්වල ගැවසෙනවා කියලා. ඉතින් මදුරු දඟර භාවිතා කරල ගැලවෙන්නත් බෑ.
දැනට බෝඩිම තියෙනෙත් සංවර්ධනය කරලා ගොඩ නගපු ඉඩමක. මේවා ඉතින් පරණ වෙල් තමයි. ඉතින් මේවයේ තාම ඉතුරුවුනු කොටස් තියෙනවා. ඉතින් ඒවයේ මදුරුවෝ බෝවෙන්නේ රංචු පිටින්. ඉතින් කිසිම ගැලවුමක් නෑ අපිව උස්සාගෙන යන්න හදනවා හවස 6 වෙන්න කලින් ජනේල දොරවල් නොවැහුවොත්.
මම පොඩි හොයා බැලීමකුත් කලා මොනවද මදුරු විකර්ශක වල අඩංගු රසායනික. එකෙන් ප්‍රධාන එකක් තමයි ප්‍රැල්ත්‍රීන් (Prallethrin). ඒක අනුක සූත්‍රය වුන C19H24O3 සාපේක්ෂ අණුක ස්කන්ධය 300.40 g/mol වෙන අණුවක්.
ප්‍රැල්ත්‍රීන් වල ව්‍යුහය



